Virtual Machine  එක create කරල Configure කිරිම

අද අපි බලමු කොහොමද Virtual Machine  එක create කරල Configure කර ගන්නෙ කියල. මුලින්ම  Virtual Box එක open කර ගන්න.

දැන් tool bar එකේ තියෙන New icon එක click කරන්න. (Shortcut : Ctrl+N ). දැන් පහතින් තියෙන window එක open වෙයි.



මුලින්ම ඔයාගෙ Virtual Machine එකට නමක් දෙන්න. ඊට පස්සෙ Install කරන්න බලපොරොතු වෙන OS

 එකෙ type එකයි version එකයි select කරන්න. මම install කරන්න බලපොරොතු වෙන්නෙ Red Hat  Cent OS කියන එක. නිසා මම ඊට අදාල type එකයි version එකයි select කරනව.

ඊට  පහලින් Virtual Machine එකෙ memory size එක set කරන්නඅඩුම තරමෙ 1 GB වත් set කරන්න.
දැන් hard drive එකෙ type එක select කරන්න. (create a virtual hard disk now කියන එක select කරන්න.) ඊලගට Next click කරන්න.



File size කියන එකෙන් Hard size එක set කරන්න. අඩුම තරමෙ 50 GB වත් set කරන්න.

දැන් create button එක click කරන්න.

දැන් Virtual Machine එක create කරල Configure  කරගෙන ඉවරයි.

අපි ඊලග post එකෙන් බලමු කොහොමද OS එකක් install කරන්නෙ කියල.

No comments:

Post a Comment