Ubuntu dual boot හරි නැත්නම් OS කිපයක් හරි එකම machine එකේ වැඩ කරනකුට අපිට අවශ් OS එක default boot OS එක විදිහට තොරාගන්නෙ කොහොමද?



අපි දැන් බලමු කොහොමද default boot OS එක set කරන්නෙ කියල. මේක කරන්න විදි ගොඩක් තියෙනවා. මෙ එක විදිහක්. අපි මෙහිදි වෙන කිසිම software එකක් භාවිත කරන්නෙ නැහැ.

මුලින්ම Ubuntu වලින් machine එකට log වෙන්න. ඊට පස්සෙ terminal  එක open කරල (Ctrl+Alt+t) මේ command  එක enter කරන්න.

sudo gedit /etc/default/grub



දැන් පහල window එක open වෙයි.



දැන් GRUB_DEFAULT  කියන එකෙ අගය වෙනස් කරන්නමෙහිදි ඔබට default OS එක තියෙන තැන දෙන්න. උදාහරනයක් විදිහට පහත රූපයෙ windows 7 default boot OS එක විදිහට සෙට් කරන්න ඔනි නම් GRUB_DEFAULT   එකට 4 දෙන්න.




ඉන් පසුව save කරල exit වෙන්නඉන් පසුව sudo update-grub command එක දෙන්න.




දැන් researt කරල බලන්න.

No comments:

Post a Comment