SEO මූලික කරුණු
SEO යනු කුමක්ද?
Search Engine Optimization (SEO) යනු Search Result වල අපේ Web Site එක මුලින්ම පෙන්වීමේ අරමුණින් අපේ Web Site එක Optimize කිරීමේ ක්‍රියාවලියකි. මෙහි අරමුණ වන්නේ වැඩි Organic (non-paid) Traffic එකක් අපේ Web Site එක වෙත ලබා ගැනීමයි.
SEO හි ඉතිහාසය 90 දශකය, එනම් Search Engines හදුන්වා දුන් කාලය දක්වා දිව යනවා. වර්තමානයේ එය අත්‍යවශ්‍ය Marketing Strategy එකක් වන අතර දිනෙන් දින වර්ධනය වන කර්මාන්තයකි. Search engine optimization හිදි Organic Search Results කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර PPC පිලිබදව අවදානය යොමු නොකරයි. SEO සහ PPC යන දෙකම Search Engine Marketing හි කොටසකි.
අන්තර්ජාල පරිශීලකයින් යමක් සොයන විට Search Engines භාවිතා කරයි. ඔබට ඒ සොයන දේ සඳහා පිළිතුර සැපයීමට අවශ්‍යයි. ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන්නේද, බ්ලොග් එකක් ලියන්නේද, නැතහොත් වෙනත් දෙයක් කරන්නේද යන්න ගැටළුවක් නොවේ. Search engine optimization සෑම වෙබ් අඩවි හිමිකරුවෙකුටම අත්‍යවශ්‍ය වේ.
සරලව කිවහොත් :- Google ඔබේ වෙබ් අඩවිය ගුණාත්මක ප්‍රභවයක් (Quality Source) ලෙස සැලකීමට සහ ඔබ අපේක්ෂිත Traffic එක Web site එක වෙත ලබා ගැනීමට ඔබ කරන සියලු ක්‍රියාමාර්ග SEO වේ.
කෙටියෙන් SEO
ඔබේ වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීම සඳහා ගූගල් භාවිතා කරන සියලු සාධක සහ නිශ්චිත ඇල්ගොරිතම (Algorithms) ඔබට දැන ගැනීමට අවශ්‍ය නැත. නමුත් ඔබ සාර්ථක වීමට SEO හි ප්‍රධාන කොටස් ආවරණය කළ යුතුය. වැදගත්ම සාධක 3 තේරුම් ගැනීමට පහසු ක්‍රමයක් නම් සුප් බඳුනක් සිතීමයි.
SEO හි ප්‍රධාන අංශ තුනක් තිබේ:
තාක්ෂණික දේවල් (Technical Stuff ) - Bowl එක මඟින් ඔබ ආවරණය කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණික අංශ පෙන්නුම් කරයි (බොහෝ විට එවා Technical or On-page SEO ලෙස හැඳින්වේ). නිසි බඳුනක් නොමැතිව සුප් එක තබා ගැනීමට කිසිවක් නැත.
විශිෂ්ට අන්තර්ගතය (Great Content ) - සුප් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය නියෝජනය කරයි. වඩාත්ම වැදගත් කොටස මෙය වේ. අඩු ගුණාත්මක අන්තර්ගතය = Low Rankings. එය ඉතාම සරල ය.
ගුණාත්මක බැක්ලින්ක් (Quality backlinks) - කුළුබඩු මඟින් ඔබේ වෙබ් අඩවියේ අධිකාරය (Authority) වැඩි කරන Backlinks නියෝජනය වේ. ඔබට හොඳ අන්තර්ගතයක් (Content) සහ Perfectly Optimized කළ වෙබ් අඩවියක් (Website) තිබිය හැකි නමුත් අවසානයේ ඔබට ගුණාත්මක Backlinks ලබා ගැනීමෙන් ඔබේ SEO සුප් එක පරිපූර්ණ කිරීමට හැකියාව ලැබේ.
ඉදිරි ලිපි වලදි, අපි ප්‍රායෝගික දෘෂ්ටි කෝණයෙන් (Practical point of view) මෙම සියලු කරුණු දෙස බලමු.
No comments:
Post a Comment