මොකද්ද මේ IARC කියන්නේ?



ලෝකයේ විවිධ රටවල් Apps හා Games වලට අදාලව විවිධ නීති රීති හා කොන්දේසි පනවලා තියෙනවා. එම නීති රීති හා කොන්දේසි වලට අදාලව තමයි App හා Games භාවිතා කිරීමට සුදුසු වයස තීරණය කරන්නේ. මෙම නීති රීති හා කොන්දේසි විවිධ රටවල් වලට අනුව වෙනස් වෙනවා.

ඒ අනුව විවිධ රටවල් වල නීති රීති හා කොන්දේසි අනුව Apps වෙන වෙනම Rating කිරීම අමාරු වැඩක්.

එයට විසදුමක් තමයි IARC හෙවත් The International Age Rating Coalition කියන්නේ.

මෙහිදි App හෝ Game Developersලට කරන්න තියෙන්නෙ තමන්ගෙ App එක හෝ Game එකට අදාලව Simple Questionnaire එකක් පුරවන එක විතරයි. එවිට Developer ලබාදෙන තොරතූරු අනුව App එක හෝ Game එක විවිධ රටවල් වල භාවිතා කල හැකි වයස් සීමාවන් පෙන්නනවා. එම වයස් සීමවන් App එක හෝ Game එක Publish කරන Store එකේ App/Game එකෙ නමට එදිරියෙන් පෙන්නනවා. 

මෙම ක්‍රියා වලිය නිසා Developersලට පහසුවක් සැලසෙනවා වගේම App/Game එක භාවිතා කරන Usersලටත් පහසුවක් සැලසෙනවා.

IARC වැඩ කරන ආකාරය...


No comments:

Post a Comment